අදාළ නොවන විටකදී කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීම

June 20, 2025

යම් ප්‍රවෘත්තියකට සෘජුව අදාළ නොවන විටකදී පවා කාන්තාවකගේ බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය තුළ දක්නට ලැබේ.

රූමත්“, “සුරූපී” වැනි යෙදුම් සහ එවැනි තවත් යෙදුම් උපයෝගී කරගනිමින් සිදුවන මෙම බාහිර ස්වරූපය ඉස්මතු කිරීමේ ගැටළුව වන්නේ, කාන්තාවන්ව හැඳින්වීම සඳහා ඔවුන්ගේ බාහිර ස්වරූපය යොදාගැනීමයි. එසේම පුරුෂයින්ගේ බාහිර ස්වරූපය හරහා ඔවුන්ව හැඳින්වීමක් දක්නට ලැබෙන්නේ අතිශයින්ම කලාතුරකිනි.

පහත දැක්වෙන්නේ 2023, 2024 සහ 2025 යන වසර වලදී පළමු කාර්තුව තුලදී තෝරාගත් සිංහල භාෂා පුවත්පත් තුළ, පුවතකට අදාළ නොවනා අවස්ථාවන් හිදී “රූමත්” හෝ “සුරූපී” යන යෙදුම් ඔස්සේ කාන්තා බාහිර ස්වරූපය ඉස්මතු කෙරුණු වාර ගණනයි.

ආචාර ධාර්මික මාධ්‍යකරණයක් උදෙසා අපි පෙළගැසෙමු!