අනුරාධපුර ලිංගික අපරාධ සිද්ධිය

August 22, 2025

අනුරාධපුර ශික්ෂණ රෝහලේ රාජකාරියේ නිරතව සිටියදී වෛද්‍යවරියක ලිංගික අපරාධකයට ලක්කිරීමේ සිද්ධිය හැඳින්වීමට මාර්තු 14,2025 සිංහල පුවත්පත් තුළ භාවිතා කළ යෙදුම් පහත පරිදි දැක්විය හැක.

පාඨකයින් ලෙසට මෙහිදී අප ඇසිය යුත්තේ, “දූෂණය” යන යෙදුම ඔස්සේ, ලිංගික අපරාධයකට ලක්වූ අයෙකු අපවිත්‍ර වී, කිලිටි වී ඇති බවට අදහසක් ගම්‍ය නොවන්නේද යන්නයි.

ඒ ඔස්සේ, ලිංගික අපරාධයකට හෝ අපයෝජනයකට මුහුණ දුන් අය සම්බන්ධයෙන් සමාජය තුළ ඇති කොන් කරන සුළු, ගැරහුම් සහගත ආකල්පය තවත් තීව්‍ර වීමේ අවදානමක් නැතිද?

“දූෂණය” යන්න වෙනුවට “ලිංගික අපරාධය”, “ලිංගික අපයෝජනය” යන විකල්ප යෙදුම් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය බවට ඔබ එකඟ වන්නේ ද?

ලිංගික අපරාධ වගකීමෙන් යුතුව වාර්තා කරමු!