ඇයි “රූමත්”?

ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්‍රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය.

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/roomath.jpg” title_text=”roomath” _builder_version=”4.27.0″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]

කාන්තාවන් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී, ඇතැම් මාධ්ය මගින් බොහෝ විට ඔවුන්ව ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදුවන බව අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

නිදසුනක් ලෙසට, ජාත්යන්තර පාසලක ගුරුවරියකගේ ඡායාරූපය යොදා, ඇය ලිංගික ශ්රමිකයෙකු ලෙසින් හඳුන්වමින් ව්යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වා ගෙන ගිය අයෙකු අත්අඩංගුවට පත්වීමේ පුවත ලංකාදීප සහ දිනමිණ (අගෝ. 08, 2024) පුවත්පත් තුළ වාර්තා වී ඇති ආකාරය සලකා බැලිය හැක.

* ලංකාදීප – “රූමත් ගුරුවරිය ෆේස්බුකියෙන් අබිසරුලියක් කරලා” (අන්තර්ගතය තුළද “රූමත්” යැයි සඳහන් වේ).

* දිනමිණ – “අභිසරුලියක ලෙසින් මුහුණුපොතේ රූමත් ගුරුවරියකගේ රූපය යොදලා” (අන්තර්ගතය තුළද “රූමත්” යැයි සඳහන් වේ).

1) මෙම පුවතට අදාළ ගුරුවරියගේ “රූමත්” බව අදාළ වන්නේ කෙසේ ද? සිරස්තල තුළ මෙන්ම පුවත් අන්තර්ගතයන් තුළ ද එම ගුරුවරියගේ බාහිර රූපය එසේ ඉස්මතු කොට දැක්වීමේ පදනම කුමක්ද?

2) මෙම පුවත සලකා බලන විට, මෙහි අදාළ ගුරුවරිය “රූමත්” යන විශේෂණයෙන් දිගින් දිගටම හඳුන්වන්නේ, ඇය ලිංගික වස්තුවක් ලෙස පෙන්වා දීමට (sexual objectification) යැයි ඔබ නොසිතන්නේ ද? එය කෙතරම් ආචාර ධාර්මික මාධ්ය හැසිරීම්ක් ද?

කාන්තාවන් ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය නොකරමු!

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *