උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

දිවි තොර කර ගැනීම් හැකිතාක් දුරට මාධ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, සමාජ සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් වාර්තා කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

කෙසේ නමුත් කෙතරම් දුරට මාධ්‍ය මෙය තමන්ගේ වගකීමක් ලෙසින් ගන්නේද යන්න පැනයකි.

නිදසුනක් ලෙසට, කොට්ටාවේ විහාර මාවතේ නිවසක කාන්තාවක් මිය යෑම සහ එය දිවි තොරකර ගැනීමක් විය හැකිදැයි සැකයක් පොලිසිය පළ කිරීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය තුළ වාර්තා වී ඇති ආකාරය සලකා බැලිය හැක.

අරුණ – මෙය දිවි තොර කර ගැනීමක් ලෙසින් කොට්ටාව පොලිසිය මූලාශ්‍ර ලෙස දක්වමින් වාර්තා කරයි. දිවි තොර කර ගත් ආකාරය සිරස්තලයේ දක්වයි. අන්තර්ගතයේද දිවි තොර කරගත් ආකාරය විස්තරාත්මකව දක්වයි. හදිසි උපකාරක අංක සඳහන් නොකරයි.

ස්වර්ණවාහිනී – මෙය දිවි තොර කර ගැනීමක් බවට සැක සහිත බව වාර්තා කරයි. හදිසි උපකාරක අංක සඳහන් නොකරයි.

දිනමිණ, මව්බිම, ලංකාදීප, සියත ටීවී – මෙය දිවි තොර කර ගැනීමක් ලෙසින් වාර්තා නොකරයි. කොට්ටාව පොලිසිය මූලාශ්‍ර ලෙස දක්වයි.

  1. ඔබ සිතන ලෙසට අරුණ පුවත් වාර්තාව පමණක් මෙය නිසැකවම දිවි තොර කර ගැනීමක් ලෙසින් දක්වා ඇත්තේ මන්ද? එයට හේතුව එකම මූලාශ්‍ර වලින් වුවත් තොරතුරු ලබාගෙන ඇති වේලාව අනුව මූලික පරීක්ෂණවල තත්ත්වය වෙනස් වීම ද?
  2. එය දිවි තොර කර ගැනීමක් බව මූලාශ්‍ර මගින් තහවුරු කර තිබේ නම්, උපකාරක අංක සඳහන් කිරීම ඇතුළු, වගකීම් සහගතව දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේ මාධ්‍ය වගකීම ඉටුවී නොමැත්තේ මන්ද?

හදිසි උපකාරක අංක:

CCCline – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

ශාන්ති මාර්ගම් – 0717639898

Leave a Reply

Your email address will not be published. Required fields are marked *