එකම පුවතක්,එකම පිටුවක්,එකම ලේබල් කිරීමක් !

September 30, 2025

යම් වරදක් සඳහා ගුරු වෘත්තියෙහි නියැළෙන්නෙකු සම්බන්ධ වූ විට, එවැනි පුවතක් වාර්තා කිරීමේදී, ඇතැම් පුවත්පත් බොහෝ විට “ගුරා” යන යෙදුම භාවිතා කරනු දැකිය හැක.

අප මින් පෙරද විමසා ඇති ආකාරයට, සැකකාර අය හෝ වරදකරුවා ගුරුවරයෙකු නම්, එම තැනැත්තාව “ගුරුවරයා”/”ගුරුවරිය” ලෙසින් නොහඳුන්වා “ගුරා” වැනි යෙදුමකින් හැඳින්වීමේ ගැටළුව වන්නේ,

* ඒ ඔස්සේ ගුරු වෘත්තිය සහ එහි නියැළෙන්නන් සම්බන්ධයෙන් සෘණාත්මක ආකල්පයක් සමාජ ගත වීම සහ එය සමස්ත ගුරු වෘත්තියටම අපහාසයක් විය හැකි වීමත්,
* “ගුරා” වැනි සෘණාත්මක ලේබල් කිරීම් ඔස්සේ, පුවතක කරුණු හා තොරතුරු පමණක් උකහා ගනිමින්, අපක්ෂපාතීව බැලීමට, පාඨකයෙකු අසමත් වීමත්,

සිදුවිය නොහැකිද යන්නයි.

ඒ අනුව, සියඹලාණ්ඩුවේ පාසලක බාලවයස් සිසුවියක ලිංගික අපයෝජනය කළ බවට චෝදනා ලැබූ ගුරුවරයෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වීම පිළිබඳව, දිවයින පුවත්පතේ (ජන, 20, 2025), එකම පිටුවක, පළවී තිබූ පුවත් වාර්තාවන් දෙකක සිරස්තල යෙදී ඇති ආකාරය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?