එක් පුවතක්,වාර්තාකරණයන් දෙකක්

August 15, 2025

ලිංගික අපරාධයක් හෝ අපයෝජනයක් යනු හුදු ‘කරදරයක්’ සිදුව ඇති බවට අදහසක් ලබා දෙන “හදි කිරීම” යන යෙදුම භාවිතා කිරීමත්, එසේම, ලිංගික අපරාධයන් හෝ ලිංගික අපයෝජනයන් හැඳින්වීම සඳහා, ඊට ලක්වූ අය අපවිත්‍ර වී ඇති බවට අදහසක් ජනිත කරන “දූෂණය” වැනි යෙදුම් භාවිතා කිරීමත් කෙතරම් යෝග්‍ය වන්නේදැයි අපි නැවත නැවතත් ඔබේ අවධානයට ලක් කොට ඇත්තෙමු.

බාල වයස්කාර දියණියක් ලිංගික අපයෝජනයට ලක් කල ඥාති සීයා කෙනෙක් බදුරලිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් පුවත්පත් පහත ලෙසින් වාර්තාකර තිබිණි.

මෙය දිවයින සහ අද පුවත්පත්වල සිරස්තල තුළ වාර්තා වී ඇත්තේ කෙසේද?
* දිවයින – “එකොළොස් හැවිරිදි දැරියට හදි කළ 75 හැවිරිදි ඥාති සීයා අත්අඩංගුවට”
* අද – “11 හැවිරිදි දැරිය අපයෝජනය කළ ඥාතී සීයා දැලේ”

* මෙහිදී දිවයින පුවතෙහි සිරස්තල තුළ “හදි කිරීම” සහ අන්තර්ගතයේ “දූෂණය” යන යෙදුම් ඇතුළත්ව තිබූණි.

ඔබ සිතන ලෙසට, “හදි කිරීම” සහ “දූෂණය” ලෙසින් මෙය හැඳින්වීම වෙනුවට, අද පුවත්පතේ සඳහන් කළ පරිදි “අපයෝජනයක්” ලෙසින් මෙම සිදුවීම දැක්වීම වඩාත් යෝග්‍ය නොවන්නේ ද?

ලිංගික අපයෝජනයකට මුහුණ දුන් අයෙකු කොන් කරන සුළු වාර්තාකරණයෙන් වලකිමු!

No photo description available.