ඔබට වෙනස පෙනෙනවාද?

June 17, 2025

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ පුවත අරුණ සහ ලංකාදීප වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

අරුණ – “තුසිත හල්ලොලුවගේ රියට වෙඩි තැබීම: සැක වෙඩික්කරුගේ බිරිඳ ඇතුළු 3ක් රිමාන්ඩ්.”

ලංකාදීප – “තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීම: කතක ඇතුළු තුනක් 29 තෙක් රිමාන්ඩ්.”

මෙහිදී, අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් අතරින් කාන්තාව “වෙඩික්කරුගේ බිරිඳ” ලෙස විස්තර කිරීම මෙම අපරාධ සිද්ධියට අදාළ වේ.

නමුත්, ලංකාදීප පුවත්පත ඇය වෙඩික්කරුගේ බිරිඳ බව සඳහන් නොකරමින්, “කතක ඇතුළු 3ක්” ලෙස සිරස්තලය තුළ කාන්තාව පමණක් ඉස්මතු කිරීම ගැටළුකාරී නොවේද?