[et_pb_section fb_built=”1″ _builder_version=”4.16″ global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.16″ custom_padding=”|||” global_colors_info=”{}” custom_padding__hover=”|||” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2023/09/what-reporting-do-you-choose.jpg” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”post_content” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”]
ලිංගික අපරාධයන්ට සහ ඇගේ කැමැත්ත නොමැතිව සිදුවූ ගබ්සා කිරීමකට ලක්වූ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික තරුණියකට, මාස ගණනක අධිකරණ කටයුතු වලින් පසු වන්දි මුදලක් හිමි වීම සහ ඇය සිය රටට නැවත පැමිණීම සම්බන්ධයෙන්, විවිධ පුවත්පත් වාර්තාවන්හි සිරස්තල ඔස්සේ දක්වා තිබූ ආකාරය මෙසේ පෙන්වා දිය හැක.
ඔබ සිතන ලෙසට,
1) මෙම තරුණියට ඇය මුහුණ පෑ ලිංගික අපරාධයට හා අනෙකුත් අකටයුතුකම් සඳහා වන්දිය ලෙසින් මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල හිමිවූ බව සැබෑවකි.
නමුත්, දිනමිණ, මව්බිම හා අද පුවත් සිරස්තල තුළ එම වන්දි මුදල පමණක් ජයග්‍රහණයක් ලැබීමක් ලෙසින් හඟවමින් ඉස්මතු කොට දැක්වීම සහ, ඇයට මුහුණ පෑමට සිදුවූ ලිංගික අපරාධයන් ඇතුළු අකටයුතුකම් සම්බන්ධයෙන් සඳහන් කර නොතිබීම කෙතරම් යෝග්‍ය ද? එය පාඨකයා නොමඟ යවන සුළු හා අසංවේදී වාර්තාකරණයක් නොවන්නේ ද?
2) අරුණ හා ලංකාදීප සිරස්තල තුළ, මෙම තරුණිය මුහුණ පෑ ලිංගික අපරාධයට වන්දි වශයෙන් මෙම මුදල ලැබුණු බව සන්නිවේදනය වී තිබේ. කෙසේ නමුත්, අරුණ සිරස්තලය තුළ සඳහන් වන “දූෂණය” යන යෙදුම ඔස්සේ ඇය අපවිත්‍ර වී ඇති බවක් ගම්‍ය වන බැවින්, ඒ සඳහා ලිංගික අපරාධය යන යෙදුම වඩා සුදුසු නොවන්නේ ද?
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]