කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

දෙවිනුවර සිංහාසන පාර අසල දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවත, මව්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් පහත අයුරින් වාර්තා කර තිබිණි.

එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වන අවස්ථා අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.

1) මව්බිම සහ ලංකාදීප පුවත් වාර්තාවන් තුළ, අත්අඩංගුවට පත් වූ පිරිස අතරින් කාන්තාවන් පමණක් වෙනම ඉස්මතු කොට දක්වා ඇත්තේ, එකම වරදක වුවත් එහි වැඩි වගකීමක් කාන්තාවට පැවරෙන බවක් දැක්වීමටද?

2) එවැනි වාර්තාකරණයන්ගෙන් සිදුවන්නේ, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින් කාන්තාව කොන් කිරීම නොවන්නේද?

3) දිවයින වාර්තා කර ඇති ආකාරයට, අත්අඩංගුවට පත් වූ ගණන සඳහන් කිරීම වඩාත් යෝග්‍ය නොවේද?

කාන්තාව කොන් නොකරන වාර්තාකරණයකට හුරුවෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *