කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?

එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ.

දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක.

1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වන්නේ, එම වරද හි වැඩි වගකීමක් කාන්තාවට පැවරෙන බවක් පෙන්වීමට ද?

2) ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සහභාගි වූ වරදක වැඩි වගකීමක් කාන්තාවට පමණක් පැවරෙන්නේ කෙසේද?

3) මෙවැනි සිරස්තල, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගනිමින්, කාන්තාව කොන් කිරීමට ලක් නොකරන්නේ ද? 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *