[et_pb_section fb_built=”1″ _builder_version=”4.16″ global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.16″ custom_padding=”|||” global_colors_info=”{}” custom_padding__hover=”|||” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2023/09/school-teacher-suicide-in-korea-local-and-foreign-media-reports.jpg” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”post_content” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.16″ background_size=”initial” background_position=”top_left” background_repeat=”repeat” global_colors_info=”{}” theme_builder_area=”post_content”]
උපකාරක අංක පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
දිවි තොර කර ගැනීම් පිළිබඳව වන පුවත් වාර්තාවන් සමඟින්, දිවි තොර කර ගැනීම් වැළැක්වීමේ හදිසි උපකාරක අංක පළ කිරීම ඔස්සේ, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇතිව සිටින අයෙකුට අවශ්‍ය උපදේශනය ලබා දීමටත්, ඒ ඔස්සේ එම තැනැත්තාගේ ජීවිතය බේරා ගැනීමටත් ඉඩක් ලැබේ.
ඒ නිසාවෙන්, දිවි තොර කර ගැනීම් සම්බන්ධ ඕනෑම වාර්තාවක් සමඟින් හදිසි උපකාරක අංක පළ කරන මෙන් Ethics Eye අපි නිරතුරුවම මාධ්‍ය වෙත සිහි කැඳවීම් කරන්නෙමු.
කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් බොහෝ මාධ්‍ය තවමත් උනන්දු නොවීම කණගාටුවට කරුණකි.
නිදසුනක් ලෙස, දකුණු කොරියානු ගුරුවරියක් දිවි තොර කර ගැනීමෙන් මිය යෑමේ පුවත, අරුණ පුවත්පත, The Guardian සහ BBCය විසින් වාර්තා කොට ඇති අන්දම සංසන්දනය කළ හැක.
BBC ලිපිය සමඟින් මෙන්ම The Guardian පුවත සමඟින්ද හදිසි උපකාරක අංක සඳහන් වේ. නමුත් අරුණ පුවත් වාර්තාව සමඟින් හදිසි උපකාරක අංක සඳහන් නොවේ.
දිවි තොර කර ගැනීම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, හදිසි උපකාරක අංක පළ කිරීම ඇතුළු ඒ සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම ඔස්සේ, ඔබට තවත් එක් ජීවිතයක් හෝ බේරාගැනීමට ඉඩක් ලැබිය හැකි බව අපි මෙසේම මාධ්‍ය වෙත සිහිපත් කරමු.
හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක).
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]