නීතියට පෙර වැරදිකරුවන් කිරීමක්?

August 29, 2025

යම් කිසි වරදකටචෝදනා ලැබූවෙකු ඊට වැරදිකරුද, නිවැරදිකරුද කියා තීරණය කළ යුත්තේ, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයයි. එසේ තහවුරු කරන තුරු අදාළ සැකකරු නිවැරදිකරු බවට පූර්ව නිගමනයක් (Presumption of innocence) ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළම තිබේ.

එසේ නම්, අධිකරණය මගින් යමෙකු වරදකරුවෙකු බව සනාථ කිරීමට පෙරාතුව, පුවත් වාර්තාවන් ඔස්සේ ඔවුන් වරදකරුවන් බවට තීරණය කිරීම කෙතරම් මාධ්‍ය ආචාර ධර්මයන්ට එකඟදැයි අපට ඇසීමට සිදුවේ.

නිදසුනක් ලෙසට, ජාඇල දඬුගම ප්‍රදේශයේ නිවෙසක අපිරිසිදු වැසිකිලියක් තුළ ඌරකු මස් කරමින් සිටි පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට ජාඇල සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය කාර්යාලය පියවර ගත් ආකාරය වාර්තා කරන්නේ “වැසිකිළියක ඌරකු මස් කළ මස්වැද්දා දැලේ” යන සිරස්තලය යොදා ගනිමිනි.

ඔබේ අදහසට අනුව, මෙම සිරස්තලය ඔස්සේ, සැකකරුව පූර්ව විනිශ්චය කිරීම කෙතරම් සුදුසුද?

මූලාශ්‍ර: https://www.supremecourt.wa.gov.au/…/Guidelines%20for…
https://blog.ipleaders.in/trial-by-media/…
https://www.parliament.lk/files/pdf/constitution.pdf…