“පිරිමින්ගේ හොර වැඩ ඇල්ලීම කාන්තාවන්ගේ සහජ හැකියාව”?

January 7, 2025
womenstereotype
ස්ත්රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් තවමත් සමාජය තුළ මෙන්ම මාධ්ය තුළ ද දක්නට ලැබෙනා කරුණකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරිය ලෙසින් ඉමේෂා මුතුමාල පත් කිරීම සම්බන්ධයෙන් සති අග අරුණ (දෙසැ. 08, 2024) මෙම පුවත් වාර්තාව ඊට නිදසුනකි.

මෙම පුවත තුළ, පහත දැක්වෙන අදහස් දක්නට ලැබිණි.

* “කතාවට කියන්නේ පිරිමින්ගේ හොර වැඩ අල්ලන්නට කාන්තාවන් තරම් දක්ෂයන් මිහිපිට නැති බවය” *

“සැමියාගේ හොර වැඩ හැමදාමත් අල්ලා ගන්නේ බිරිඳය, අපේ කල්පනාවේ හැටියට මේ සහජ හැකියාවට දැන් ලොකුම වටිනාකම දී ඇත්තේ වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරියයි”

1) මෙම පුවත තුළ ධනාත්මක අදහස් ලියැවී තිබුණත්, ස්ත්රී පුරුෂ භාවය පදනම් කර ගනිමින් කාන්තාව ඒකාකෘතික කරනා අදහස්ද ඒ සමගින් ලියැවී තිබීම හේතුවෙන්, මෙම වාර්තාකරණය පසුගාමී ලෙසින් ඔබ නොදකින්නේද?

2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරිය සම්බන්ධයෙන් මෙම පුවත තුළ දැක්වී ඇති ඒකාකෘතික කිරීම් සමඟින්, ඇයට ලැබුණු පත්වීම හෑල්ලු කොට දැක්වීමක් සිදුවී නැතිද?

මෙය වගකීම් සහගත මාධ්යකරණයක් ද?