භාරවුනාද? අත්අඩංගුවට ගත්තද?

June 16, 2025

කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීම් සඳහා රජයට පවරාගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ නඩුවට අදාළව අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කොට තිබූ එම නඩුවේ හයවැනි සැකකරු වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර යන අය නීතිඥයකුගේ මාර්ගයෙන් ඊයේ (07 වැනිදා) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට හාර වූ පුවත තෝරාගත් සිංහල ප්‍රධාන පුවත්පත් දෙකක් දක්වා තිබුනේ පහත අයුරිනි.

*දිනමිණ – මාස 2ක් සැඟවී සිටි ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

*ලංකාදීප – ප්‍රසන්නගෙන් ප්‍රකාශ ගන්න සීඅයිඩීයට අවසර: උසාවියට බාරවෙයි: 19 තෙක් රිමාන්ඩ්

ඔබ තෝරාගන්නා වාර්තාකරණය?