“මෙහෙකාරිය” ද? ගෘහ සේවිකාව ද?

August 15, 2025

යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප නැඟිය යුත්තේ ඒ හෙයිනි.

නිදසුන් ලෙසට, “මෙහෙකාරිය”, “මෙහෙකරුවා” වැනි යෙදුම් අතීතයේ ඇතැම් වෘත්තීන් සම්බන්ධයෙන් තිබූ පසුගාමී අදහස් නියෝජනය නොකරන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ. එසේ නම්, වර්තමානයේදී වඩාත් නිදහස්, වෘත්තිමය සම්බන්ධතාවයන් බවට පත්ව ඇති එම වෘත්තීන් හැඳින්වීම සඳහා වඩාත් යෝග්‍ය යෙදුම් භාවිතා කළ යුතු නොවන්නේ ද යන පැනය ද පැන නඟී.

මෙහිදී එකම පුවතක් වාර්තාකිරීම සඳහා, අරුණ හා දිවයින පුවත් වාර්තාවන් දෙකම සැකකාර කාන්තාව සිරස්තලය සහ අන්තර්ගතයේ හදුන්වා ඇත්තේ “මෙහෙකාරිය” ලෙසිනි.

අද පුවත්පතද එය අන්තර්ගතයේ එසේම සඳහන් කර ඇත.

ඔබ සිතන ලෙසට,

1) මෙවන් නාමකරණයන් ඔස්සේ වර්තමානයේ පවත්නා සේවානියුක්ත-සේවායෝජක සම්බන්ධතාවයට වඩා වෙනස් වූ ස්වාමි-සේවක සම්බන්ධතාවයක් හැඟවෙන්නේ නැතිද? “මෙහෙකාරිය” වැනි වදන් ඔස්සේ වඩාත් පසුගාමී සමාජ සම්බන්ධතාවයක් නොපෙන්වන්නේ ද?

2) “මෙහෙකාරිය” වැනි යෙදුම් වෙනුවට “ගෘහ සේවිකාව” වැනි යෙදුමක් වඩාත් උචිත නොවන්නේද? එසේ නැතිනම් ඊට වඩාත් යෝග්‍ය වෙනත් යෙදුම් ඔබට යෝජනා කළ හැකිද?

No photo description available.