රජය වී සඳහා අවම මිල ප්‍රකාශ කරයි.ගොවීන් හා ගොවි සංවිධාන දැක් වූ අදහස්

September 30, 2025

මෙවර මහ කන්නයේ වී, රජය විසින් මිලදී ගන්නා සහතික මිල පෙබ. 05, 2025 දින ප්‍රකාශයට පත් කෙරිණි.

එසේම වී මණ්ඩලයෙන් වී මිලදී ගනු ලබන සහතික මිලක් රජය විසින් නියම කිරීම සම්බන්ධයෙන්, ගොවීන් සහ ගොවි සංවිධාන ද අදහස් දක්වා තිබිණි. ඒ අතර ධනාත්මක අදහස් මෙන්ම සෘණාත්මක අදහස් දක්නට ලැබිණ.

රජය විසින් වී මිලදී ගැනීම සඳහා සහතික මිලක් නියම කිරීමේ පුවත වාර්තා කිරීමේදී, ගොවීන් සහ ගොවි සංවිධාන දැක්වූ ධනාත්මක, ඍණාත්මක සහ ධනාත්මක මෙන්ම ඍණාත්මක අදහස් පෙබ. 05, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඔස්සේ ආවරණය වී තිබුණේ මෙසේයි.

(YouTube වෙත එක් කොට තිබූ, පෙබ. 05, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)