ලිංගික අතවර හා කාටූන

January 7, 2025
472095086_585740867550513_2265383858435877750_n

පුත්තලම නොරොච්චෝල පොලිසියේ කාන්තා පොලිස් බැරැක්කය තුළ දී කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කිරීමට ගිය බව කියවෙන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනුණු සිදුවීම, සිංහල භාෂා පුවත් වාර්තාවන් කිහිපයක් (ජන. 03, 2025) තුළ පහත ආකාරයට ආවරණය වී තිබිණි.

* ලංකාදීප සහ අරුණ පුවත් සමඟ කාටූනයක් ඉදිරිපත් වී තිබිණි.

* ලංකාදීප පුවත, මෙය “පොලිස් නෝනා බදාගැනීමක්” ලෙසින් දක්වා තිබිණි.

* අරුණ පුවත, මෙය “පොලිස් නිලධාරිනියන්ගේ බැරැක්කයට යෑමක්” ලෙස ද, දිනමිණ, “කාන්තා බැරැක්කයට රිංගීමක්” ලෙස දක්වා තිබිණි. පුවත් අන්තර්ගතයන්හි ද එයම දැක්වී තිබිණි.

* දිවයින පුවත මෙය “පොලිස් කතක් සිප ගැනීමක්” ලෙස දක්වා තිබිණි.

1) අරුණ සහ දිනමිණ පුවත් තුළ මෙය ලිංගික අතවරයක් ලෙසින් දැක්වී නැත. ලංකාදීප සහ දිවයින පුවත් තුළ මෙම සිදුවීම “බදාගැනීමක්” හෝ “සිපගැනීමක්” ලෙසින් පමණක් දක්වා තිබිණි. එම සිරස්තල ඔස්සේ ලිංගික බලහත්කාරී ක්රියාවක් සිදුවී ඇති බව ගම්ය වනවාද?

2) මෙම පුවත සමඟින් පළ වී ඇති කාටූන් හරහා කාන්තාව ලිංගික වස්තූන් ලෙසින් නොදැක්වෙන්නේද? එමෙන්ම ඒ හරහා මෙම සිදුවීම සැහැල්ලු කොට දැක්වීමක් සිදු නොවන්නේ ද?

ලිංගික අපරාධයන් වගකීමෙන් යුතුව වාර්තා කරමු!