ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!

September 30, 2025

“නරක වැඩ” ද? ලිංගික හිරිහැර ද?

කතරගම පිහිටි විහාරස්ථාන භූමියකදී දරුවන්ට හා කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් සැක පිට හිමි නමක අත්අඩංගුවට ගත් බව අරුණ පුවත්පත (පෙබ. 19, 2025) වාර්තා කර තිබිණි.

1) පුවතක මුලින්ම ග්‍රහණය වන සිරස්තලය තුළ “නරක වැඩ” යන්න යෙදීම ඔස්සේ සිදුවී ඇත්තේ ලිංගික අපරාධයක් බව පාඨකයන්ට නිවැරදිව සන්නිවේදනය වන්නේ ද? එමගින් එම අපරාධයෙහි ඇති බරපතල භාවය සැහැල්ලු කොට නොදැක්වෙන්නේ ද?

2) විශේෂයෙන්ම කාන්තාවන්ට හා ළමුන්ට මුහුණ දීමට සිදුවන ලිංගික අපාරාධ සැහැල්ලු කොට දැක්වීමෙන්, මෙවැනි වැරදි සාමාන්‍යකරණය වූ ආකල්පයක් සමාජය තුළ ඇති නොවන්නේද?

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!