ස්විස් තානාපති නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්

June 17, 2025

කොල්ලුපිටිය තර්ස්ටන් පාරේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ රන් භාණ්ඩ සොරකමක්, ඉරිදා මව්බිම පුවත්පතේ වාර්තාවී තිබුණේ පහත අයුරිනි.

එහිදී නිවසේ සේවය කරන සේවිකාවන් දෙදෙනෙකු, අරක්කැමියා, පෞද්ගලික ආරක්ෂක නිලධාරින් ඇතුළු කිහිප දෙනෙකුම සඳහන් කර ඇත. නමුත්, ඒ අතරින් සේවිකාවන් දෙදෙනා පමණක් මුස්ලිම් සහ දෙමළ යනුවෙන් සඳහන් කර ඇත.

මෙහිදී,

1) නිල නිවසේ සේවය කරන්නන් අතුරින්, මෙම සේවිකාවන් දෙදෙනාගේ වාර්ගිකත්වය පමණක් ඉස්මතු කිරීමටත්, අනෙක් සේවකයන්ගේ වාර්ගිකත්වය සඳහන් නොකිරීමටත් උත්සුක වී ඇත්තේ ඇයි?

2) ඔවුන්ගේ වාර්ගිකත්වය ස‍ඳහන් කිරීම පුවතට සෘජුවම අදාළ වන්නේ කෙසේද?

3) වාර්ගිකත්වය ඉවත් කොට මෙම පුවත ඉදිරිපත් කිරීම ඔස්සේ පුවතේ සන්දර්භයේ ප්‍රබල වෙනස්වීමක්, හානියක් සිදු වන්නේ ද?

පුවතට අදාළ නොවන වාර්ගිකත්වයන් ඉස්මතු නොකරමු.