සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා කරමු!

සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව - මෙහිදී පුද්ගල ප්‍රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/disability-1.jpg” title_text=”disability” _builder_version=”4.27.0″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]
යම් කිසි ආබාධයක් සහිත පුද්ගලයෙකු සම්බන්ධ වන පුවතක් වාර්තා කිරීමේදී, එම අය “ආබාධිත පුද්ගලයෙකු (A disabled person)” ලෙසින් නොව, “ආබාධ සහිත පුද්ගලයෙකු (A person with a disability)” ලෙසින් හැඳින්වීම යෝග්ය නොවන්නේද යන්න සාකච්ඡාවට ලක්වන කරුණකි.
මෙසේ යම් අයෙකුගේ ආබාධය ඔස්සේ ඔවුන් නිර්වචනය නොවන බවත්, ආබාධය දෙවන තැන ගන්නා බවත් හඳුනාගැනීමට භාවිත වන භාෂාව, පුද්ගල-ප්රථම භාෂාවක් (person-first language), නැතිනම් අනන්යතාවය-ප්රථම භාෂාවක් (identity first language) ලෙස හැඳින්වේ.
මෙම පසුතලය තුළ, සති අග අරුණ (ජූලි 07, 2024) සහ අරුණ කතුවැකිය (ජූලි 08, 2024) තුළ, ආබාධ සහිත අයවලුන්ට ඡන්දය ප්රකාශ කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාව සැලකිය හැක.
මෙහිදී සති අග අරුණ සිරස්තලය තුළ “ආබාධිතයින්” යනුවෙන් ඔවුන්ව හඳුන්වා තිබෙන අතර, සති අග අරුණ සහ අරුණ අන්තර්ගතයන් තුළද “ආබාධිත” යන හැඳින්වීම් දක්නට ලැබේ.
කෙසේ නමුත් සති අග අරුණ සිරස්තලය හරහා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක පණිවුඩයක් සමාජයට ලබා දෙන බවද කිව යුතුවේ. එය පුද්ගල ප්රථම භාෂාවක් ඔස්සේ ලියැවුණේ නම්, එය තව වඩාත් පරිපූර්ණව වීමට තිබිනි.
මෙහිදී පුද්ගල ප්රථම භාෂාවක් භාවිතා වූයේ නම්, ආබාධ සහිත වූවන් කෙරෙහි සමාජය දක්වන ආකල්ප දියුණු කිරීමට එය විශාල දායකත්වයක් නොවනු ඇතිද?
සෑමවිටම ආබාධ සහිත අයවලුන් හැඳින්වීමට පුද්ගල ප්රථම භාෂාවක් භාවිතා කරමු!
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *