”සුදු කත” ද? ”ජර්මානු ජාතික කාන්තාව” ද?

මෑතකදී ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගත් ජර්මානු සම්භවයක් ඇති කාන්තාවක්, පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ස්වර්ණවාහිනී: “ගලේවෙල හදන්න ආ සුදු කත ප්‍රතික්‍ෂේප වෙයි.”
හිරු : “…ජර්මන් ජාතික කාන්තාවකගේද නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණා”

1) සමාජය තුළ තවමත් භාවිතා වූවත්, “සුදු කත”, “සුද්දි” වැනි සමේ වර්ණය පදනම් කරගත් යෙදුම් මාධ්‍ය තුළ භාවිතා කිරීමෙන් විදේශිකයින් සම්බන්ධයෙන් කොන් කිරීමේ ආකල්ප තීව්‍ර වීමේ අවදානමක් නැතිද?

2) ස්වර්ණවාහිනී භාවිතා කරන “සුදු කත” වෙනුවට, හිරු භාවිතා කරන “ජර්මන් ජාතික කාන්තාව” ලෙස ඔවුන්ගේ ජාතිකත්වය හෝ සම්භවය සඳහන් කිරීම සුදුසු නොවන්නේ ද?

සමේ වර්ණය පදනම් කර ගනිමින් වාර්තා කිරීම් නොකරමු!

(YouTube වෙත එක් කොට තිබූ, මාර්තු 20, 2025 දින තෝරාගත් රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *