“සුරූපිනිය” – අදාළ ද? 

August 13, 2025

* අරුණ- අගෝස්තු 13,2025 
* සිරස්තලය – “ප්‍රංශ සුරූපිනිය බසයේ දමා ගිය බෑගය යළි ඇය අතටම” 

 ‘සුරූපිනිය’ – අදාළද? අනුමත කල හැකිද? 

මෙය අදාළ නොවේ. 

එය අදාළ නොවන්නේ ඇයි? 

ප්‍රංශ සුරූපිනිය යනුවෙන් විස්තර කිරීම හරහා සිදුවන්නේ ප්‍රධාන සිදුවීමට අදාළ නොවන, පුද්ගලික තොරතුරකට අනවශ්‍ය අවධානයක් යොමු කිරීමයි.  

 පිරිමින්ව ද මෙවැනි ආකාරයකට විස්තර කරනු ඔබ දකින්නේද? 

 නැත, බොහෝ විට එවැනි අවස්ථා දක්නට නොලැබේ. පුවත්පත්වල පිරිමින් පිළිබඳ වාර්තා කිරීමේදී ඔවුන්ගේ පෙනුම, ශරීර ස්වභාවය  මෙලෙස විස්තර කිරීම සාමාන්‍යයෙන් සිදු නොවේ.   

එසේ නම් ‘ප්‍රංශ සුරූපිනිය’ යන්න අනුමත කල හැකිද?