සංචාරක මඟපෙන්වන්නෙකු විසින් විදේශීය කාන්තාවකට සිදු වූ යැයි කියන අපරාධයක් මැයි 14, 2025 සිංහල පුවත්පත් දෙකක වාර්තා වී තිබුණේ පහත අයුරිනි.

*දිවයින – “ඇල්ලට ආ සුද්දිව සුද්ද කර ප්‍රපාතයට තල්ලු කරලා”

*මව්බිම – “මත් බීමක් දී සංචාරක කතගේ දේපළ සොරාගත් වියපත් මඟපෙන්වන්නා රිමාන්ඩ්”

1) සංචාරක කර්මාන්තය ඔස්සේ සැලකිය යුතු ආදායමක් ලබා ගන්නා ශ්‍රී ලංකාව වැනි රටක මාධ්‍ය තුළ, සමේ වර්ණය පදනම් කර ගනිමින් විදේශිකයන් හඳුන්වන “සුද්දි” වැනි කොන් කිරීමක් ජනිත කරවන සුළු යෙදුම් භාවිතා කිරීම සුදුසු ද?

2) දිවයින සිරස්තලයේ ඇති “සුද්දි” වෙනුවට මව්බිම යොදා ඇති “සංචාරක කත” උචිත නොවන්නේද?

සමේ වර්ණය පදනම් කර ගනිමින් විදේශිකයින්ව කොන් නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This