දිවි තොර කරගැනීම් වගකීම් සහගතව වාර්තා කරමු.

June 18, 2025

වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ;

  • දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක දිවි තොර කර ගැනීම් වලට ඉඩ ඇති කිරීම්.
  • හදිසි උපකාරක අංක සඳහන් නොකිරීම හරහා, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුට ජීවිතයක් අහිමි කර ගැනීමට මඟ පෑදීම සහ
  • දිවි තොර කරගත් පුද්ගලයාගේ ඡායාරූප පළ කිරීම තුලින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම.

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

*CCCline – 1333

*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

*ශාන්ති මාර්ගම් – 0717639898