ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක් ඇති හෙයිනි.

නිදසුනක් ලෙසට, විදේශීය කතකට සිදු වූ ලිංගික අතවර සිදුවීම දිණමින සහ අරුණ පුවත්පත් (සැප්තැම්බර් 16, 2025) වාර්තා කර ඇති අන්දම සලකා බැලිය හැක.

ඔබ සිතන ලෙසට,

1) ලිංගික අපයෝජනයක් “අමුතු වැඩක් හෝ කැත වැඩක්” ලෙසින් සිරස්තල තුළ දැක්වීම, එම වරද සැහැල්ලු කොට වාර්තා කිරීමක් නොවන්නේ ද?

2) ලිංගික අපයෝජනයන් පිළිබඳව මෙවැනි වාර්තාකරණයන්, ලිංගික අපරාධ සමාජය තුළ සාමාන්‍යකරණය වීමට අනුබල සැපයීමක් නොවේ යයි අපට සහතික වීමට හැකිද?

ලිංගික අපයෝජන සැහැල්ලු කොට වාර්තා නොකරමු!

0 Comments

Submit a Comment

Your email address will not be published. Required fields are marked *

Share This