ඇගේ ඡායාරූපය අවශ්‍ය ද​?

February 3, 2025
20240517_EE_NPPvsSJB_DKDone (1)


රත්නපුර ඇලපාත ප්රදේශයේ සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමට තැත් කිරීම මාධ්ය තුළත්, සමාජ මාධ්ය තුළත් අවධානයට ලක්වී තිබිණි.

මෙය වාර්තා කළ මාධ්ය තුළ, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් පවතින මාධ්ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය, අපි මින් පෙරද පෙන්වා දී ඇත්තෙමු.(https://www.facebook.com/share/p/1AvVcZaWcd/).
මෙම පුවත වාර්තා කළ පහත මාධ්ය, අනෙකුත් මාධ්ය මාර්ගෝපදේශයන් උල්ලංඝනයන්ට අමතරව, ඝාතනයට ලක් වූ අයගේ ඡායාරූපයක්ද පළ කර තිබුණි.
ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී, එය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය) අයුරකින් වාර්තා නොකරන ලෙසට අදාළ මාර්ගෝපදේශ තුළ උපදෙස් දී තිබේ.
එවැනි පසුබිමක, ඝාතනය වූ තරුණියගේ ඡායාරූපයක් පුවත සමඟ පළ කිරීම අවශ්යද? ඒ සමඟින් පළ වී ඇති ඇතැම් සිරස්තල මෙම පුවතට හැඟීම් කළඹවන සුළු බවක් එක් නොකරන්නේද?
උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
* CCCline – 1333
* ශ්රී ලංකා සුමිත්රයෝ – 0707308308
* ශාන්ති මාර්ගම් – 0717639898
* ජාතික මානසික සෞඛ්ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)