හැඟීම් කළඹවන සුළු සිරස්තල අවශ්‍යද?

June 17, 2025

සංවේදී සිදුවීම් – විශේෂයෙන්ම දරුවන්ගේ මරණ – වාර්තා කිරීමේදී, ඇතැම් මාධ්‍ය හැඟීම් කළඹවන සුළු (භාවාතිශය/sensational) ප්‍රවේශයක් ගනු දක්නට ලැබේ.

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයන් තුළින්, පාඨකයන්ට පුවතට අදාළ කරුණු පමණක් ග්‍රහණය කරගැනීමේ අවස්ථාව ගිලිහී යෑමට ඉඩ සැලසේ. එය කෙතරම් වගකීම් සහගත මාධ්‍යකරණයක්දැයි පාඨක අප ඇසිය යුතු වේ.

නිදසුනක් ලෙසට, මෑතකදී පාළුකඩවල වැවේ දිය නෑමට ගොස් පාසල් වයසේ දැරිවියන් දෙදෙනෙකු ගිලී මිය යෑමේ සිදුවීම අරුණ සහ දිවයින පුවත්පත් වාර්තා කර ඇති අන්දම විමසා බැලිය හැක.

අරුණ (මැයි 15, 2025) – “පාළුකඩවල වැව් පතුලේ සැඟවුණු සමනලියන්ගේ කඳුළු කතාව”

දිවයින (මැයි 14, 2025) – ” නෑගම් ආ ඥාති සොයුරියෝ පාළුකඩවල වැවේ ගිලී මරුට”

ඉහත සිරස්තල සලකා බැලීමේදී, අරුණ පුවත්පත මෙම දැරියන්ගේ මරණ හැඟීම් කළඹවන සුළු ආකාරයකින් වාර්තා කර ඇතැයි ඔබ නොසිතන්නේද?

හැඟීම් කළඹවන සුළු වාර්තාකරණයෙන් බැහැර වෙමු!