වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටියදී සිසුවියක් දිවි තොර කර ගැනීම මාධ්‍ය ආවරණය කර තිබිණි. දිවි තොර කරගැනීම් සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය නොකිරීමෙන් ඇතිවිය හැකි ගැටලු වන්නේ;
- දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරනා අනුකාරක දිවි තොර කර ගැනීම් වලට ඉඩ ඇති කිරීම්.
- හදිසි උපකාරක අංක සඳහන් නොකිරීම හරහා, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති අයෙකුට ජීවිතයක් අහිමි කර ගැනීමට මඟ පෑදීම සහ
- දිවි තොර කරගත් පුද්ගලයාගේ ඡායාරූප පළ කිරීම තුලින් ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම.
උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!
හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898


0 Comments