උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

August 15, 2025

අද දින (අප්‍රේල් 7, 2025) අරුණ සහ ලංකාදීප පුවත්පත් තුළ පළ වූ වාර්තාවන් දෙකක් පහත දක්වා ඇත.

අරුණ පුවත්පත තුළ දරුවන් සහ තරුණ, තරුණියන් අතර දිවි තොර කර ගැනීමේ ප්‍රවණතාවය වැඩි වීම පිළිබඳ විශේෂඥ අදහස් ඇතුළත් ලිපියක් පළ වී තිබුණි. ලංකාදීප පුවත්පත තුළ දිවි තොර කර ගැනීමට තැත් කිරීමේ පුවතක් වාර්තා වී තිබිණි.

මෙහිදී, දිවි තොර කර ගැනීම් හා ඊට තැත්කිරීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇති මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරය දැක්විය හැක: 1) අරුණ ලිපිය තුළ මෑතකදී කොළඹ හෝටලයක දී සිදු වුණු දිවි තොර කරගැනීමට පෙර එම පුද්ගලයා විසින් ලියූ බවට කියන ලිපියක් පළ කර ඇත. 2) අරුණ සහ ලංකාදීප වාර්තාවන් දෙකේම උපකාරක අංක සඳහන් කර නැත.

* දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා අනුබලයක් විය හැක.

* හදිසි උපකාරක අංක සඳහන් නොකිරීමෙන්, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති තවත් ජීවිතයක් ගලවා ගැනීමේ ඉඩ කඩ අහිමි විය හැක.

විශේෂයෙන්ම, මානසික සෞඛ්‍යය සම්බන්ධ කෝණයකින් යුතු අරුණ ලිපිය, ඉහත දැක්වූ නිර්දේශ අනුගමනය කිරීමෙන් ලියැවුණා නම්, වඩා පරිපූර්ණ ලිපියක් නොවන්නේද?

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898

No photo description available.