ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?

August 22, 2025

ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාසට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළේ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමි වී ඇත.

මෙම පුවත වාර්තා කල දිවයින පුවත්පත ඇයව “හිටපු මන්ත්‍රී ඩලස්ගේ බිරිඳ” ලෙස සිරස්තලය තුළ දක්වා ඇත.

1) තම ක්ෂේත්‍රයේ පිළිගැනීමට ලක්වූ කාන්තාවක් හැඳින්වීමට ඇයගේ නම වෙනුවට, ඇයගේ සැමියාගේ බිරිඳ ලෙස දැක්වීම ඇයගේ අනන්‍යතාවය හා වෘත්තීමය සාර්ථකත්වය හෑල්ලුවට ලක් කිරීමක් නොවේද?

2) මෙවැනි වාර්තාකරණයන් ඔස්සේ කාන්තාවන් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ කොන් කිරීමකට ලක් නොවන්නේද?