”මෙනවිය” අවශ්‍යද?

September 4, 2025

අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා “මෙනෙවිය” යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත.

මේ ආකාරයටම කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස ව්‍රායි කැලී බල්තසාර් පත්වීම වාර්තා කිරීමේදීද “මෙනෙවිය” යන්න භාවිතා කර තිබිණි.

තවත් සැලකිය යුතු කරුණක් වන්නේ මෙම භාවිතය බොහෝදුරට ඇතැම් සි‍ංහල මාධ්‍ය තුල පමණක් දක්නට ලැබීමයි.

ජූනි 17 සහ 23 දිනයන්හි පළවූ පහත සඳහන් ඉ‍ංග්‍රීසි පුවත්පත්, මෙනවිය යන්න යොදා නොමැති බව දැකිය හැක.

මෙනවිය යන්න භාවිතා කිරීම තුලින් කාන්තාවකගේ විවාහක/අවිවාහක බව පෙන්නුම් කෙරෙන අතර විවාහක/අවිවාහක බව ඔස්සේ ඔවුන් නිර්වචනය නොවන මාධ්‍ය භාවිතයක් සඳහා පෙළ ගැසෙමු!