ඉස්ලාම් ආගමට කළ අපහාස කිරීම් උපුටා දැක්වීම්

ඉස්ලාම් දහමට අපහාස කළ චෝදනාවට වරදකරු ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි නැවතත් සිරගත කිරීමේ පුවත මාධ්‍ය වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය එම අපහාස උපුටා දක්වමින් පුවත වාර්තා කර තිබූ ආකාරය, සමාජ මාධ්‍ය තුළ ද කතාබහට ලක්වී තිබිණි.

ඒ අනුව, ජන. 10, 2025 දින සිංහල භාෂා පුවත්පත් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබූ ආකාරය අපි සොයා බැලුවෙමු.

එහිදී,

*අරුණ පුවත ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාස වන ලෙසින් කළ ප්‍රකාශ කිහිපයක්ම සෘජුව උපුටා දක්වා තිබිණි.

*අද, දිවයින, ලංකාදීප, සහ මව්බිම පුවත්, ඥානසාර හිමි ඉස්ලාම් දහමට අපහාස වන ලෙසින් කළ එක් ප්‍රකාශයක් පමණක් සෘජුව උපුටා දක්වා තිබිණි.

*දිනමිණ පුවත, ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව පමණක් සඳහන් කර තිබිණි.

වගකීම් සහගත මාධ්‍යකරණය තුළ ජනවාර්ගික හෝ ආගමික අසමගිය ඇති කරවන සුළු වාර්තාකරණයන්ගෙන් බැහැර විය යුතුය යන්න මාධ්‍ය මාර්ගෝපදේශයන් ගෙනහැර දක්වන කරුණකි.

ඒ අනුව, මෙම පුවත වඩාත් යෝග්‍ය ලෙසින් වාර්තාකර ඇත්තේ කවුරුන්ද?

මූලාශ්‍ර:
https://www.fmmsrilanka.lk/…/2016-Code-of-Professional…
https://accountablejournalism.org/ethics-codes/Fiji-General

Leave a Reply

Your email address will not be published. Required fields are marked *