දිවයින පුරා විදුලිය බිඳ වැටීම! වරද කාගේද?

September 30, 2025

පෙබ. 09, 2025 දින පැය කිහිපයක කාලයක්, රට පුරා විදුලිය බිඳවැටුණු අතර, ඉන් පසුවද විවිධ ප්‍රදේශ තුළ විදුලිය බිඳ වැටීම් සිදුවූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ අතර, පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් තුළ, මෙම රට පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් වරද ඇත්තේ කොතැනකද, ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව, විවිධ පක්ෂවල දේශපාලනඥයින් දැක්වූ අදහස් ප්‍රචාරය වී තිබිණි.

එහිදී මෙම රට පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් දැක්වූ අදහස්, විවිධ රූපවාහිනී නාලිකා මගින් ඉදිරිපත් කර තිබූ අයුරු පහත පරිදි පෙන්වා දිය හැක.

(YouTube වෙත එක් කොට තිබූ පෙබ. 10, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් විකාශයන් ඇසුරිණි.)