Category Ethics Eye

අනුරාධපුර ප්‍රදේශයේ දියණිය සමඟ මව දිවි තොර කරගත් පුවත.

අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇගේ දෙහැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමේ සිදුවීමක් පිළිබඳව සිංහල භාෂා පුවත්පත් තුළ මෙසේ ආවරණය වී තිබිණි. ඝාතන-දිවි තොර කර ගැනීම් එතරම් සුලභ නොවූවත්, එම පුවත් කෙරෙහි දිවි තොර කර ගැනීම්වලට වඩා…

දිවි තොර කර ගැනීම් සහ වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය

දිවිතොර කර ගැනීමේ පුවත් ආචාර ධාර්මික ලෙස වාර්තා නොකල හොත්, දිවි තොර කරගැනීමට නැඹුරුතාවයක් ඇති අයට මෙවැනි වාර්තාකරණයන් දිවි තොර කර ගැනීමට උත්ප්‍රේරණයක් විය හැක. එසේනම් මෙවැනි පුවත් වගකීමෙන් වාර්තා කිරීමට මාධ්‍යය කටයුතු කිරීම වැදගත් වේ. අපි අද දිනයේ වාර්තා…

අමුතු/කැත වැඩ වෙනුවට ලිංගික අතවරය?

ලිංගික අපරාධයන් වාර්තා කිරීමේදී, මාධ්‍ය සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, එම අපරාධයන්, ඒවායේ නිසි බරපතල භාවය සන්නිවේදනය කරමින් වාර්තා කිරීමයි. මන්ද යත්, එසේ නොකොට, එවැනි අපරාධ සැහැල්ලු කොට දැක්වීම මගින්, ඒවා සමාජය තුළ සාමාන්‍යකරණය කොට සලකන ආකල්පයක් ඇති වීමේ අවදානමක්…

මෙම සිරස්තල තුලින් අපරාධයට ලක්වූ දැරියව විනිශ්චයකට ලක් කරන්නේද?

“ගැබ්ගැන්වීම” යන වචනය කැමැත්තෙන් සිදුවූ ක්‍රියාවක් ලෙස වැරදි අර්ථකථනයක් ලබා දිය හැකියි. 14 හැවිරිදි දැරියකට මෙවැනි දෙයක් සිදුවූ විට, එය ලිංගික අපරාධයක් මිස, ඇයගේ කැමැත්තෙන් සිදුවූවක් නොවේ. එසේ තිබියදී “ගැබ්ගැන්වීම” ලෙස වාර්තා කිරීමෙන්, සිදුවීමට දැරියගේ යම් සම්බන්ධයක් හෝ වගකීමක් තිබුණාද…

සුදුසු වාර්තාකරණයක් ද?

වඳුරඹ සිදුවීම: 2025 ජූලි 4 වන දින අරුණ සහ දිවයින පුවත්පත් වාර්තා කළේ, වඳුරඹ නගරයේදී පාසල් සිසුවියක් පොදු වැසිකිළියකදී නිල ඇඳුම මාරු කර සිය පෙම්වතා (වඳුරඹ හෝටලයක සේවය කරන 18 හැවිරිදි තරුණයෙක්) සමඟ සිටියදී ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාර දුන් බවයි.…

මාට්ටු ද? අත්අඩංගු ද?

‘මාට්ටු’ සුදුසුද? “මාට්ටු” යන වචනය අවිධිමත් භාවිතාවක් නොවන්නේද? ප්‍රවෘත්ති වාර්තාවකදී අපේක්ෂා කරන්නේ නිවැරදි, වගකිවයුතු සහ විශ්වසනීය තොරතුරු සැපයීමයි. “මාට්ටු” යන්නෙන් එවැනි තොරතුරු සැපයීමකට හානි සිදුවිය හැකි නොවේද? අපරාධ වාර්තාකරණයේදී පක්ෂග්‍රාහීත්වයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින්…

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු පිළිබඳව වගකීමෙන් වාර්තා කරමු!

මාධ්‍ය වෙත මූලාශ්‍ර සපයන ලාභ නොලබන ආයතනයක් වන Reporting on Addiction (RoA) විසින් මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහිවීම, සහ පුනරුත්ථාපනය පිළිබඳ වගකීමෙන් වාර්තා කිරීමට උචිත වන භාෂාව හා දෘශ්‍ය මාධ්‍ය ගැන නිර්දේශ ඉදිරිපත් කරයි; * මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස…

එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි. *පුවත්පත: දිනමිණසිරස්තලය:…