අනුරාධපුර ප්‍රදේශයේ දියණිය සමඟ මව දිවි තොර කරගත් පුවත.

අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇගේ දෙහැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ ඝාතන-දිවි තොර කර ගැනීමේ සිදුවීමක් පිළිබඳව සිංහල භාෂා පුවත්පත් තුළ මෙසේ ආවරණය වී තිබිණි.

ඝාතන-දිවි තොර කර ගැනීම් එතරම් සුලභ නොවූවත්, එම පුවත් කෙරෙහි දිවි තොර කර ගැනීම්වලට වඩා සාපේක්ෂව වැඩි අවධානයක් යොමු වේ. එනිසාම, එවැනි සිදුවීම් ආවරණය කිරීමේදී මාධ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වේ.

නිදසුනක් ලෙසට,

* දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම, දිවි තොර කර ගැනීමට හේතුව අතිසරල කොට දැක්වීම, දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදියේ කොටස් පළ කිරීම ඔස්සේ, අනුකාරක දිවි තොර කර ගැනීම් ඇති වීමේ ඉහළ ඉඩක් පවතී.

* එසේම, ඝාතන-දිවි තොර කර ගැනීම් වාර්තා කිරීමේදී හදිසි උපකාරක අංක පළ නොකිරීම, දිවි තොර කර ගැනීමේ නැඹුරුතාවයක් ඇති අයෙකුගේ ජීවිතය බේරාගැනීමට ඇති අවස්ථාවක් ගිලිහී යෑමක් විය හැක.

ඒ අනුව බලන විට, මෙම පුවත් වාර්තාවන් වගකීම් සහගතව ඝාතන-දිවි තොර කර ගැනීමක් ආවරණය කර ඇතැයි ඔබ සිතන්නේ ද?

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:
*CCCline – 1333
*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308
*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)
*ශාන්ති මාර්ගම් – 0717639898

Leave a Reply

Your email address will not be published. Required fields are marked *