Tag Women

“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?

ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි. * හිරු නිව්ස් වෙබ් අඩවිය…

කාන්තාව ඒකාතික කිරීමක්?

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ඒකාකෘතික කිරීම් ත Ethics Eye විසින් නිතර මතුකරන ගැටලුවකි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට දිස්ත්‍රික්කයක් භාර නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙසින් පද්මිණි වීරසූරිය පත් කිරීම සම්බන්ධයෙන් ලියැවුනු සති අග අරුණ (ජූනි. 29, 2025) තුළ, පහත දැක්වෙන අදහස්…

කාන්තාවන් පමණක් වෙන්කර පෙන්වන්නේ ඇයි?

එකම වරදකට කාන්තා සහ පිරිමි යන දෙකොටසම අත්අඩංගුවට පත්වූ විටකදී පවා, ඇතැම් මාධ්‍ය කාන්තාව පමණක් ඉස්මතු කොට දක්වනු දක්නට ලැබේ. දිනමිණ පුවත්පත තුළ (ජූලි 1, 2025) වාර්තා වූ පුවතක් මෙහිදී නිදසුන් ලෙසින් ගත හැක. 1) මෙසේ මාධ්‍ය, යම් වරදක් සම්බන්ධයේදී…

”මෙනවිය” අවශ්‍යද?

අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය, ඇයගේ විවාහක අවිවාහක භාවය ඔස්සේ ඇයව හැඟවුම් කරනා “මෙනෙවිය” යන්න යොදාගැනීම කෙතරම් යෝග්‍ය ද යන්න අපි මින් පෙර කිහිප වරක්ම සංවාදයට බඳුන් කොට ඇත. මේ ආකාරයටම කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති…

“මෙහෙකාරිය” ද? සේවිකාව ද?

යම් ජන සමාජයක චින්තනය හැඩගැස්වීමෙහි ලා, භාෂාවේ බලපෑම සුළු පටු නොවේ. එසේම, එම භාෂාව සඳහා මාධ්‍ය වෙතින් ලැබෙන දායකත්වය ද එසේම නොසලකා හැරිය හැකි නොවේ. අතීතයේ භාවිතා වූ ඇතැම් යෙදුම්, වර්තමානයට ද එසේම උචිත වන්නේ ද යන පැනය, පාඨක අප…

ප්‍රදීපා ධර්මදාස ද?”හිටපු මන්ත්‍රීගේ බිරිඳ” ද?

ප්‍රවීණ ගායිකාවක් වන ප්‍රදීපා ධර්මදාසට ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උලෙළේ දී විවිධ ක්ෂේත්‍රයන්හි ජයග්‍රහණ හා සමාජ පිළිගැනීමට ලක් වූ කාන්තාවන් උදෙසා වූ සම්මානයක් හිමි වී ඇත. මෙම පුවත වාර්තා කල දිවයින පුවත්පත ඇයව “හිටපු මන්ත්‍රී ඩලස්ගේ බිරිඳ” ලෙස සිරස්තලය තුළ…

තරුණියෝ ”රූමත්”, ”ටැටූ ගැසූ” බව අදාළ ද?

මාර්තු 23 රාත්‍රීයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ පවත්වන ලද නීති විරෝධි මත්පැන් සාදයක් වටලා සැකකරුවන් හා සැකකාරියන් 58 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූයේ යැයි මාධ්‍ය තුළ වාර්තා වී තිබිණි. දිවයින (මාර්තු 25, 2025) තුළ, එම අත්අඩංගුවට පත් වූ සැකකාරියන් පිළිබඳ වාර්තා වී…

කාන්තාවන් පමණක් ඉස්මතු කරන්නේ ඇයි?

දෙවිනුවර සිංහාසන පාර අසල දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගැනුණු පුවත, මව්බිම, ලංකාදීප සහ දිවයින පුවත්පත් පහත අයුරින් වාර්තා කර තිබිණි. එකම වරදකට කාන්තා හා පිරිමි දෙපාර්ශවය අත්අඩංගුවට පත්වූ විටක දී පවා, ඇතැම් මාධ්‍ය…