“කාන්තා වෙසින් ආ පිරිමියෙක්” – සාවද්‍ය සිරස්තලයක් යෙදීමෙන්, නිරවද්‍යභාවය පිළිබඳ මූලික මාධ්‍ය ආචාර ධර්මයක් දිනමිණ පුවත්පත කඩ කොට නැතිද?

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}” theme_builder_area=”post_content”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/20240730_ImaneKhelif_DKworking.png” _builder_version=”4.27.0″ _module_preset=”default” theme_builder_area=”et_body_layout” title_text=”20240730_ImaneKhelif_DKworking” hover_enabled=”0″ sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” global_colors_info=”{}” theme_builder_area=”post_content”]
* පුවත්පත: දිනමිණ (අගෝ. 07, 2024)
* සිරස්තලය: “කාන්තා වෙසින් ඇවිල්ලා පිරිමියෙක් බොක්සිං ගහලා”
* අන්තර්ගතය: ඉමානි කලීෆා සංක්රාන්ති ලිංගිකයෙකු නොවේ යැයි සඳහන් වේ.
ඔබේ අදහසට අනුව,
1) මතභේදයට තුඩුදුන්, ඇල්ජීරියාව නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරග බිමට පැමිණි ඉමානි කලීෆා පිරිමියෙකු හෝ සංක්රාන්ති ලිංගික (Transgender) කාන්තාවක් නොව, සිස්-කාන්තාවක් (Cis-woman), එනම් උපතින්ම කාන්තාවක් බවට මේ වන විටත් ජාත්යන්තර පුවත් වාර්තා පළවී තිබේ. එසේම, මෙම පුවත් අන්තර්ගතය තුළ ද මෙම මතභේදය පිළිබඳ තොරතුරු මිස, ඇය කාන්තා වෙස් ගත් පිරිමියෙකු යැයි කිසිදු තොරතුරක් නොමැති පසුබිමක, සිරස්තලය තුළ පමණක් ඇය පිළිබඳව “කාන්තා වෙසින් ආ පිරිමියෙක්” ලෙසින් සඳහන් කෙරෙන්නේ කුමන පදනමකින් ද?
2) මෙහි සිරස්තලය යොදා ඇත්තේ පුවත ලියූ මාධ්යවේදියා විසින් නොව වෙනත් පුවත් කතුවරයෙකු වීම මෙයට හේතුවද? එම හේතුව යටතේ වුවත්, විශ්වසනීය බහු මූලාශ්ර පරිශීලනයකින් තොරව හෝ පුවත් අන්තර්ගතය අවබෝධ කර ගැනීමකින් තොරව සාවද්ය සිරස්තලයක් යෙදීමෙන්, නිරවද්යභාවය පිළිබඳ මූලික මාධ්ය ආචාර ධර්මයක් මෙහිදී දිනමිණ පුවත්පත කඩ කොට නැතිද?
3) එපමණක් නොව, නිවැරදි නොවන මෙවැනි සිරස්තල, සංක්රාන්ති ලිිංගික පුද්ගලයින් කෙරෙහි කොන් කරන සුළු ආකල්ප සහ සංක්රාන්ති ලිිංගික ෆෝබියාවන් සමාජය තුළ ප්රචලිත කිරීමටද හේතු නොවනු ඇතැයි සහතික විය හැකිද?
මෙම පුවත ජාත්යන්තර මාධ්ය තුළ පළවී ඇති මූලාශ්ර:
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *