[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/20240812_EE_DooshanayaCompilation_KMDone.png” title_text=”20240812_EE_DooshanayaCompilation_KMDone” _builder_version=”4.27.0″ _module_preset=”default” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]
තණමල්විල නගරයේ පාසලක 11 වෙනි ශ්රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්යාවක්, සිසුන් පිරිසක් විසින් වරින් වර සමූහ වශයෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පුළුල්ව සිංහල භාෂා පුවත්පත් තුළ ආවරණය වී තිබිණි.
එහිදී, ඇතැම් පුවත් වාර්තාවන් තුළ එම සිසුවිය “දූෂණයට” ලක් වූ බව සඳහන්ව තිබූ අතර, තවත් පුවත් සිරස්තල තුළ එම සිසුවිය “අපයෝජනයට” ලක් වූයේ යැයි සඳහන්ව තිබිණි.
ලිංගික අපරාධයක් හෝ ලිංගික අපයෝජනයක් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී මාධ්
ය බොහෝ විට යොදාගන්නා “දූෂණය” යන යෙදුමෙහි මෙන්ම “කෙලෙසීම”
යන යෙදුමෙහිද ඇති ගැටළුව වන්නේ, ඒ ඔස්සේ ලිංගික අපරාධයකට/අපයෝජනයකට ලක්වූ අයෙකු කිලිටි වී ඇති බවක්, නැතිනම් අපවිත්
ර වී ඇති බවක් දැක්වීමයි.
එය, ලිංගික අපරාධයකට/අපයෝජනයකට ලක්වූ අය පිළිබඳවද තවමත් අප සමාජයේ ඇති කොන් කරන සුළු, ගර්හාත්මක ආකල්පය තවත් වැඩි දියුණු කිරීමට හේතු නොවන්නේදැයි පාඨක අප ඇසිය යුතු වේ.
ඒ අනුව, මෙම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී “අපයෝජනය” යන්න වඩා සුදුසු යැයි ඔබ නොසිතන්නේද?
ලිංගික අපයෝජනයකට මුහුණ දුන් අයෙකු කොන් කරන සුළු වාර්තාකරණයෙන් වලකිමු!
[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]