ඉස්මතු වන වාර්ගිකත්වය අදාළ ද?

August 22, 2025

පුවතකට සෘජුවම අදාළ නොවන්නේ නම් පුද්ගලයින්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් නොකරන මෙන් දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආචාර ධර්මයන් තුළ දැක්වේ.

කෙසේ නමුත්, “උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හැඳුනුම්පතක්” යන සිරස්තලයෙන් යුතු ලංකාදීප (මාර්තු 26, 2025) පුවත තුළ අදාළ පුද්ගලයින් “දමිළ ජාතිකයින්” ලෙසින් දැක්වේ.

1) මෙම සැකකරුවන්ගේ වාර්ගිකත්වය පුවත තුළ සඳහන් කිරීම අවශ්‍යද?

2) මෙම පුවතේ ස්වභාවය අනුව ගත් විට, සැකකරුවන්ගේ වාර්ගිකත්වය හුවා දැක්වීම ඔස්සේ, එම වාර්ගිකත්වය සෘණාත්මකව ඒකාකෘතික වීමක් සිදු නොවන්නේද?

අදාළ නොවන වාර්ගිකත්වයන් ඉස්මතු නොකරමු!