“සුද්දෝ” ද? “විදේශිකයෝ” ද? 

පුවත්පත – ලංකාදීප (අගෝස්‍තු 13, 2025) 

සිරස්තලය – “සුද්දෝ ගමට වහවැටී ට්‍රැක්ටරයේ ගමනේ” 

පුවත් අන්තර්ගතය – “අලුත්ගම සංචාරක කලාපයට විවේකය ගත කිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් කණ්ඩායමක්….” 

සමේ වර්ණය පදනම් කරගනිමින් විදේශිකයින්ව “සුද්දා” වැනි යෙදුම් වලින් හැඳින්වීම මාධ්‍ය තුළ තවමත් දැකිය හැක. එසේ වුවත්, “සුද්දා”  වැනි යෙදුම් ඔස්සේ සමේ වර්ණය මත පදනම් වෙමින් විදේශිකයින්ව වෙනස් කොට සැලකීම මෙමගින් ප්‍රවර්ධනය නොවන්නේ දැයි අපි අසමු. 

ඒ අනුව, 

මෙම සිරස්තලයේ “සුද්දෝ” යන යෙදුම වෙනුවට, පුවත් අන්තර්ගතය තුළ වඩාත් නිවැරදිව දැක්වෙන “විදෙස් සංචාරකයන්” යන්න සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයට වඩාත් උචිත භාෂා භාවිතයක් නොවේද? 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *