චීන්නු ද? චීන ජාතිකයින් ද?

චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවත් වාර්තා තුළ, ඔවුන්ව හැඳින්වීමට “චීනා” සහ “චීනුන්” වැනි යෙදුම් භාවිතා කිරීමෙන් පොදුවේ චීන ජාතිකයන් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ජනිත නොවෙන්නේ ද, එසේම එවැනි ආකල්ප ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ භීතිකාවක් පවා ප්‍රවර්ධනය වීමේ අවදානමක් නොමැත්තේ ද යන ගැටළු, මින් පෙර ද Ethics Eye මගින් පාඨකයන් වෙත ඉදිරිපත් කොට තිබේ.

පහත දක්වා ඇත්තේ ගුවන් යානාවකදී මෙරට මගියෙකුගේ මුදල් සොරාගත් බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප්‍රේල් 8 දින දිවයින හා අරුණ පුවත්පත් වාර්තා කළ ආකාරයයි.

ඒ අනුව, මෙම වාර්තාවන්හි සිරස්තලයේ ඇති “චීන්නු” යන්නට වඩා අන්තර්ගතයේ දැක්වෙන “චීන ජාතිකයන්” යන්න යෝග්‍ය නොවේද?

විදෙස් ජාතීන් හැඳින්වීමට කොන් කරන සුළු යෙදුම් භාවිතා නොකරමු! 

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *