එකම පුවතක්,වාර්තාකරණයන් දෙකක්

September 4, 2025

එකම පාසලක පාසල් දැරියන් තිදෙනකු සිය සුඛෝභෝගී නිවෙසට වරින් වර රැගෙන ගොස් අපහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් පුවතක් ජූනි 30, 2025 දින සිංහල භාෂා පුවත්පත් තුල පහත ආකාරයෙන් පළව තිබිණි.

*පුවත්පත: දිනමිණ
සිරස්තලය: “සිසුවියන් 3ක් ගෙදර ගෙනා පරිගණක ඉංජිනේරුවා අත්අඩංගුවේ”

*පුවත්පත: අරුණ
සිරස්තලය: “දැරියන් තිදෙනකු නිවසට රැගෙන ගොස් අතවර කළැයි මෘදුකාංග ඉංජිනේරු දැලේ”

ඔබ සිතන ලෙසට,

දිනමිණ සිරස්තලය තුලින් ලිංගික අතවරයේ බරපතළ භාවය නිසි ලෙස සන්නිවේදනය වන්නේද?