දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් නොවන්නේ ද?

ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, "ජනාධිපති රනිල් තමයි" යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.

[et_pb_section fb_built=”1″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_row _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_column type=”4_4″ _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][et_pb_image src=”https://mediastaging.veriteresearch.org/wp-content/uploads/2024/08/20240731_EE_RWAds.png” title_text=”20240731_EE_RWAds” _builder_version=”4.27.0″ _module_preset=”default” global_colors_info=”{}”][/et_pb_image][et_pb_text _builder_version=”4.27.0″ _module_preset=”default” text_line_height=”1.5em” hover_enabled=”0″ global_colors_info=”{}” sticky_enabled=”0″]

ජූලි 31, 2024 දින දිනමිණ, ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද පුවත්පත් මුල් පිටු තුළ, “ජනාධිපති රනිල් තමයි” යන සිරස්තලය සමගින් වාර්තාවක් පළ වී තිබිණි.
කෙසේ වුවත්, දිනමිණ හැර අනෙකුත් සෑම පුවතකම මෙය දැන්වීමක් යැයි සඳහන් කර තිබුණි. එනමුත් දිනමිණ එය දැන්වීමක් බව කෙසේවත් සඳහන් කර නොතිබුණි.
දිනමිණ පුවත්පතේ හිමිකාරීත්වය ඇත්තේ, රජයට අයත් ආයතනයක් වන සීමාසහිත ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම (ANCL) නැතිනම් ලේක් හවුස් වෙත බවද මෙහිදී සඳහන් කිරීම වටී.
මේ සම්බන්ධ මාධ්ය මාර්ගෝපදේශයන් පිළිබඳව සොයා බලන විට පෙනී යන්නේ,
* ව්යාපාරික පාර්ශ්වයක් නැතිනම්, කර්තෘ මණ්ඩලය නොවන පාර්ශ්වයක් මගින් ගෙවීම් හෝ වෙනත් ප්රතිලාභයක් මුල් කරගනිමින්, දැන්වීම් ප්රචාරණය හෝ ප්රවර්ධනය සඳහා ලියා ඇති ලිපි ලේඛන වල ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුය යනුවෙන්, ශ්රී ලංකා කර්තෘ මණ්ඩලය ඉදිරිපත් කර ඇති වෘත්තීය ප්රතිපත්ති මාලාව තුළ සඳහන් වන බවත්,
* එසේම, මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් යනාදිය අතිරේක රජයේ හෝ රාජ්ය ආයතනවල වියදමින් පළ නොකරන ලෙසට, ගැසට් පත්රයක් මඟින් ජූනි 03, 2020 දින ප්රසිද්ධ කරන ලද මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයන්ට අදාළ ආචාර ධර්ම පද්ධතිය තුළ සඳහන් වන බවත් වේ.
එසේ නම් ඔබ සිතන ලෙසට,
1) දිනමිණ මගින් දැන්වීමක් බව නොදක්වමින් මෙය පළ කොට තිබීම, පාඨකයා නොමඟ යැවීමක් නොවන්නේ ද? එය මැතිවරණ ආචාර ධර්ම උල්ලංඝනයක් ද නොවන්නේ ද?
2) ලංකාදීප, මව්බිම, දිවයින, අරුණ සහ අද යන අනෙකුත් පුවත්පත් මෙය දැන්වීමක් බව සඳහන් කර තිබෙනා බව සැලකිල්ලට ගත් විට, දිනමිණ පමණක් මෙය දැන්වීමක් ලෙසින් සඳහන් නොකිරීමට හේතුව කුමක්ද?
මින් පෙර මේ පිළිබඳ අපගේ දත්ත සටහනට සබැඳිය: https://www.facebook.com/ethicseye/posts/pfbid05o1hLhVUCmvv7dZA4fWUHjw9eV9doT3vu9QbpLYEmNkwu3ULUgx3V1QtyKQzKUybl

[/et_pb_text][/et_pb_column][/et_pb_row][/et_pb_section]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *