සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවත

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දිවි තොර කර ගැනීමේ පුවතක් මාධ්‍ය තුළ පුළුල් අවධානයකට ලක්විණි.

මේ පිළිබඳව මැයි 01, 2025 දින රූපවාහිනී රාත්‍රී සිංහල ප්‍රධාන පුවත් තුළ වාර්තා වී තිබූ ආකාරයත්, එහිදී දිවි තොර කර ගැනීම් වගකීම් සහගතව වාර්තා කිරීම සම්බන්ධ මාධ්‍ය මාර්ගෝපදේශයන් උල්ලංඝනය වී තිබූ ආකාරයත් පහත ලෙස දැක්විය හැක.

* දිවි තොර කර ගැනීමට පෙර ලියූ ලිපි ආදිය පළ කිරීම, අනුකාරක දිවි තොර කර ගැනීම් සඳහා අනුබලයක් විය හැක.

* දිවි තොර කර ගත් ආකාරය සඳහන් කිරීම ඔස්සේ, එම ආකාරය අනුගමනය කරමින් සිදුවන අනුකාරක දිවි තොර කර ගැනීම් ඇති විය හැක.

* දිවි තොර කර ගැනීමේ පුවත් ප්‍රමුඛතාවයෙන් යුතුව පළ කිරීමෙන් ඊට නැඹුරුතාවයක් ඇති අයෙකුට එවැනි ක්‍රියාවකට උත්තේජනය විය හැකියි.

* හදිසි උපකාරක අංක සඳහන් නොකිරීමෙන්, දිවි තොර කර ගැනීමේ නැඹුරුවක් ඇති තවත් ජීවිතයක් ගලවා ගැනීමේ ඉඩ කඩ අහිමි විය හැක.

උපකාරක අංකයක් සඳහන් කරමු, ජීවිතයක් රැක ගනිමු!

හදිසි උපකාරක අංක:

*CCCline – 1333

*ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

*ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

*ශාන්ති මාර්ගම් – 0717639898

Leave a Reply

Your email address will not be published. Required fields are marked *