“සුරූපී” – අවශ්‍ය ද? අදාළ ද?

September 30, 2025

ඊශ්‍රායල-හමාස් සටන් විරාම ගිවිසුමේ දෙවන සිරකරු හුවමාරුව යටතේ, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම, හිරු මාධ්‍ය ජාලයේ හිරු නිව්ස් වෙබ් අඩවිය සහ, හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කරන්නේ මෙලෙසිනි.

* හිරු නිව්ස් වෙබ් අඩවිය – “ප්‍රාණ ඇපයේ සිටි සුරූපී ඊශ්‍රායල සෙබලියන් හතරකට අද නිදහස”

* හිරු ටීවී – “ප්‍රාණ ඇපකරුවන් ලෙස හමාස් සංවිධානය භාරයේ සිටින නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල සෙබළියන් සිව් දෙනෙකුගේ නම්…”

මෙහිදී එකම මාධ්‍ය ජාලයක ප්‍රධාන පුවත් විකාශය තුළ “ඊශ්‍රායල සෙබළියන්” ලෙසින් ඔවුන්ව හඳුන්වා, වෙබ් අඩවියේ පුවත තුළ පමණක් ඔවුන්ව “සුරූපී” ලෙසින් බාහිර ස්වරූපය ඉස්මතු කරමින් හඳුන්වන්නේ මන්දැයි අප විමසිය යුතුයි.

1) පුවතට කිසිම අදාළත්වයක් හෝ, තාර්කික පදනමක් එක් නොකරන, “සුරූපී” වැනි යෙදුම් ඔස්සේ කාන්තා බාහිර රූපය විදහා දක්වන්නේ, පුවතට පාඨක ආකර්ෂණය ලබාගැනීමේ හුදු අරමුණින් ද?

2) අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතු කොට දැක්වීමෙන් මෙම සෙබළියන් ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය කිරීමක් සිදු වී ඇත. එය පසුගාමී මාධ්‍ය සංස්කෘතියක් නොවන්නේද?

කාන්තාවන් ලිංගික වස්තූන් ලෙසින් හැඟවුම්කරණය නොකරමු!