දික්කසාද බව අදාළද?

අගලවත්ත ප්‍රදේශයේ තරුණියක් ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීමේ පුවතක් පුවත්පත් අප්‍රේල් 21, 2025 වාර්තා කර තිබිණි.
මෙය දිවයින සහ අද පුවත්පත්වල සිරස්තල තුළ වාර්තා වී ඇත්තේ කෙසේද?
* දිවයින – “පැතූ සෙනෙහස නොලැබුණැයි පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි”
* අද – “පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා පැන ගිහින්”

ඔබේ අදහසට අනුව,
1) ඝාතනයක් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ විවාහක අවිවාහක බව සිරස්තලය තුළ විශේෂයෙන් ඉස්මතු කොට දැක්වීම අවශ්‍යද? මෙය පුවතේ ඇතුලත් කිරීමෙන් පුවතට කිසිදු ධනාත්මක බලපෑමක් ඇති කරයිද?

2) අදාළ කාන්තාව, දිවයින සිරස්‍තලයේ දැක්වෙන ලෙසට “දික්කසාද කත” ලෙසින් නොහඳුන්වමින්, අද සිරස්‍තලයේ “පෙම්වතිය” ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය මාධ්‍ය භාවිතාව නොවේද?

පුද්ගලයන්ගේ විවාහක අවිවාහක බව අනවශ්‍ය ලෙස වාර්තා කිරීමෙන් අනවශ්‍ය කොන් කිරීමෙන් වැළකෙමු!!

No photo description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *