‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? 

2025 අගෝස්තු 14 දින තුල පමණක් දිනමිණ,දිවයින,අරුණ,ලංකාදීප,මව්බිම සහ අද පුවත්පත්හි “මාට්ටු” ලෙස සිරස්තලයෙහි භාවිතා කළ වාර ගණන පහත දක්වා ඇත.   

ඉන් දිනමිණ පුවත්පත පමණක් 04 වතාවක් ‘මාට්ටු’ භාවිතා කර තිබුණු අතර අනෙක් සියලුම පුවත්පත් ‘මාට්ටු’ ලෙස සඳහන් කර තිබූ වාර ගණනේ මුළු එකතුවම 04 කි. 

ලංකාදීප,මව්බිම සහ අද යන පුවත්පත් ‘මාට්ටු’ භාවිතා කර නොතිබිණී.  

‘මාට්ටු’ යන්න මාධ්‍ය වාර්තාකරණයට නුසුදුසු වන්නේ ඇයි? 

මාධ්‍ය සිදුවීම් වාර්තා කළ යුතු වන්නේ වඩාත් මධ්‍යස්ථව සහ අපක්ෂපාතීවයෙන් යුක්තවය.  

නමුත් ‘මාට්ටු’  යන්නෙන් ප්‍රවෘත්තියකට අනවශ්‍ය නාටකීය බවක් සහ එකතු වීමක් නොවිය හැකිද? 

‘මාට්ටු’ වෙනුවට භාවිත කළ හැකි වඩාත් නිවැරදි, මධ්‍යස්ථ  විකල්ප වන්නේ: 

▪ අත්අඩංගුවට ගෙන ඇත 

▪ පොලිස් භාරයට ගෙන ඇත 

▪ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත 

තවදුරටත් මේ ගැන දැනගන්න, මේ ලින්ක් එකට යන්න:  https://www.facebook.com/share/v/1B3er7aH3g/ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *