මාධ්‍ය ආචාර ධර්ම වලට අනුව ඔබ තෝරාගන්නා සිරස්තල?

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග තායිලන්ත ජාතික පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු පුවතක් මැයි 19, 2025 අරුණ, දිනමිණ සහ අද පුවත්පත් තුළ වාර්තා වී තිබුණේ පහත අයුරිනි.

* අරුණ – “තායිලන්ත ලිංගික සංක්‍රාන්තිකයා ළඟ එක කෝටි 20 ලක්ෂයක කුෂ්; රැගෙන යන්න පැමිණි දෙදෙනාත් මාට්ටු”

* දිනමිණ – “කෝටියක කුෂ් මෙරටට ගෙනා තායි සැකකරු ඇතුළු තිදෙනා රිමාන්ඩ්”

* අද– “රු. ලක්ෂ 120ක් වටිනා කුෂ් සමග තායිලන්ත ගුවන් මගියා දැලේ”

මාධ්‍ය ආචාරධර්ම වලට අනුව පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සඳහන් විය යුත්තේ එය පුවතට අදාළ නම් පමණි.

ඒ අනුව මේ අතුරින්, ඔබ තෝරාගන්නා සිරස්තල(ය) කුමක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *