රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩ වර්ජනය කල් දමයි ද? අත්හරී ද?

මෙතෙක් රජයේ වෛද්‍යවරුන් සඳහා තිබූ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනා අයවැයෙන් කප්පාදු කිරීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයකට සූදානම් වන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ නමුත්, මාර්තු 04, 2025 දින ඇතැම් රූපවාහිනී පුවත් තුළින් වාර්තා වී තිබුණේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමක්, කල් දැමීමක් සිදු වී ඇති බවයි.

එසේම, එදින තවත් රූපවාහිනී පුවත් විකාශයන් තුළින්, වැඩවර්ජනය නැවැත්වීමක් සිදුවී ඇති බවද වාර්තා වී තිබිණි.

විවිධ නාලිකාවන්හි රූපවාහිනී රාත්‍රී ප්‍රධාන පුවත් සිරස්තල ඔස්සේ, මේ සම්බන්ධයෙන් වාර්තා වී තිබූ ආකාරය පහත පරිදි දැක්විය හැක.

(YouTube වෙත එක්කොට තිබූ, මාර්තු 04, 2025 දින රූපවාහිනී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයන් ඇසුරිණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *