“රූමත්” – අදාළ ද?

“රූමත්”, “ලස්සන” වැනි විශේෂණයන් උපයෝගී කරගනිමින්, පුවතකට අදාළ නොවන කාන්තා බාහිර රූපය ඉස්මතුකොට දැක්වීමේ භාවිතාවක් ඇතැම් මාධ්‍ය අනුගමනය කරයි.

මෙයට නිදසුනක් ලෙස, 16 හැවිරිදි සිසුවියන් හතර දෙනෙකුගේ ඡායාරූප AI තාක්ෂණය මගින් වෙනස් කර, ඔවුන්ට අන්තර්ජාලය හරහා ලිංගික අපරාධයක් සිදු කළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු පුවතක් අද දින (ජුනි 11, 2025) දිනමිණ පුවත්පත තුළ වාර්තා වී තිබුනේ පහත අයුරිනි.

මෙම බාලවයස්කාර වින්දිතයන්ගේ බාහිර ස්වරූපය මෙම පුවතට කෙතරම් අදාළ වන්නේ ද?

පුරුෂ පාර්ශවය සම්බන්ධ වන පුවත් වාර්තාවන් හෝ ලිපි තුළ, මෙවැනි ආකාරයට පුවතට අදාල නොවන බාහිර රූපය ඉස්මතුකොට දැක්වීම් පාඨක ඔබට කෙතරම් දක්නට ලැබී තිබෙනවාද?

ආචාර ධාර්මික මාධ්‍යකරණයක් උදෙසා අපි පෙළගැසෙමු! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *